බුද්ධ ශාසනයට අපහාස වන කිසිවක් හෝ ඔබ දුටුවේ නම් 011- 2 599808/ 011-4949653 දුරකථන අංකය අමතන්න, එය ඔබගේ යුතුකමකි (දුරකථන අංකය ඔබගේ ජංගම දුරකථනයට ඇතුලත් කරගන්න)

ජිහාඩ් සංවිධානය වැඩ අරඹයි

මුස්ලිම් ජිහාඩ් සංවිධානයක් විසින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මරණ තර්ජන කරයි.

මුස්ලීම් අන්තවාදීන්ගේ ජිහාඩ් සංවිධානයක් විසින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මරණ තර්ජන එල්ල කරමින් ලිපියක් එවා ඇති බව දැනගන්නට ලැබුණි. අන්තවාදීන් විසින් එම ලිපිය එවා ඇත්තේ කොළඹ, මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමය හා වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට වන අතර උන්වහන්සේගේ ආගමික හා සමාජසේවා කටයුතු නවත්වන ලෙස දන්වා ඇත. එසේ නොකළහොත් උන්වහන්සේව ඝාතනය කරන බවට තර්ජනය කර ඇත. පහත දැක්වෙන්නේ ලිපියේ සිංහල පරිවර්තනයකි.
ඔබ අපගේ වැඩ වලට බාධා කරයි. ඔබගේ කට වහගෙන ඔබගේ වැඩ කරනු. ඔබ අපගේ නායකයාගේ අවවාද වලට ඇහුම්කන් නොදෙයිනම් ඔබව ඝාතනය කෙරේවි. අපගේ ඉල්ලීම හැරුනුකොටගෙන මෙය ඔබට දෙන අවසාන අවවාදයයි, එසේ නොවුවහොත් ඔබව මරා දැමේවි.
සිංහල බෞද්ධයින්ටත් වෙසෙසින්ම බුදු සසුන ‍රැක ගන්නා භික්ෂූන් වහන්සේලාටත් විරුද්ධව මුස්ලීම් අන්තවාදීන් භීෂණයක් ක්‍රියාත්මක කරන බව බොහෝ බෞද්ධයින් පවසන අතර ඉහත සිද්ධිය නිසා එම ස්වාමීන් වහන්සේ වඩාත් අසරණභාවයට පත් වී ඇත. මෙවැනි පහත් ක්‍රියා නතර කිරීමට සිංහල බෞද්ධ අපි සියල්ලන්ම එකාවන්ව වහා පෙල ගැසෙමු.
මුස්ලීම් අන්තවාදීන් විසින් සිංහල බෞද්ධයින්ගේ නිජ බිමේ සිට දැන්මම ඔය ආකාරයෙන් මරණ තර්ජන කරයිනම්, ජනගහන වර්ධන අනුපාත සසඳා බැලීමේදී තව දසක කිහිපයකින් සිංහලයා සුළුතරය වූ දාට ඇතිවන තත්ත්වය ඔබට සිතාගත හැකි වනු ඇත. කලකට ඉහතදී බෞද්ධ රටවල් වූ පාකිස්ථානය, අෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, දකුණු තායිලන්තය, ඉන්දුනීසියාව, මාලදිවයින වැනි රටවල් වල සිටින බෞද්ධයින්ට අද අත් වී ඇති ක‍ටුක ඉරණමට, හෙට දිනයේදී ඔබගේ දරුවන්ට මුහුණදීමට සිදු වනු ඇත. ඊට අප ජාතියක් වශයෙන් සූදානම්ද? කුරිරු ජිහාඩයේ ලේ පිපාසිත අසිපත් වලින් නාලන්දාවේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට වූ ඛේදවාචකය මෙහිනම් සිදු නොවීමට දැන්වත් කටයුතු කරමු.
උක්ත ලිපියේ පින්තූර පහත දැක්වේ.






No comments:

Post a Comment