බුද්ධ ශාසනයට අපහාස වන කිසිවක් හෝ ඔබ දුටුවේ නම් 011- 2 599808/ 011-4949653 දුරකථන අංකය අමතන්න, එය ඔබගේ යුතුකමකි (දුරකථන අංකය ඔබගේ ජංගම දුරකථනයට ඇතුලත් කරගන්න)

Monday, December 10, 2012

අවසන් සිංහ නාදය

අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් විසින් නැගූ 

අවසන් සිංහ නාදය

දේශය වෙනුවෙන් පෙළගැසෙමු…!!

 ඔබේ පා යුග දණ නමන්නට
ඔබේ සෙවනේ රැඳී ඉන්නට
අපි ලැබූ පින් අපිට අද හිමි නෑ
අනේ අපි අද අසරණයි
සෝම හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ...

ජාතිය හා ආගම අමතක කර තමාගේ අභිවෘදිය උදෙසා පමනක් කටයුතු කරන මිනිසුන්ගෙ මනස සහ දැක්ම දේශප්‍රේමී මාවත කරා රැගෙන ඒමට අප විසින් මෙයින් උත්සාහ දරන අතර දේශයට ජාතියට ආගමට විරුද්දව කුමන්ත්‍රණයක් සිදුවන්නේද එයට විරුද්දව පලමුවෙන්ම නැගී සිටින්නේ සිංහ නාදය වන බව මතකයෙහි තබාගනු මැනවි.
එසේ නම් අප අපගේ දේශය වෙනුවෙන් දියත් කරන්නාවුත් දිගහැර දක්වනාවූත් පළමු වෙඩිමුරය වෙත බැති සිතෙන් පෙළගැසෙමු….!!
Photo: ඔබේ පා  යුග දණ නමන්නට 
ඔබේ සෙවනේ රැඳී ඉන්නට 
අපි ලැබූ පින් අපිට අද හිමි නෑ
අනේ අපි අද අසරණයි 
සෝම හාමුදුරුවනේ 
අපේ හාමුදුරුවනේ...

අපේ ආගම අපේ කී ඔබ 
අපේ ජාතිය අපේ කී ඔබ 
අපේ දේශය අපේ කී ඔබ 
අපේ ළඟ අද නෑ 
අපේ හාමුදුරුවනේ  
අපේ හාමුදුරුවනේ..  

අපේ ලෝකය අපේ වූ ඔබ 
අපේ ජීවය අපේ වූ ඔබ 
අපේ දෑස් අග අපේ රූ ඔබ 
අපේ ළඟ අද නෑ 
අපේ හාමුදුරුවනේ  
අපේ හාමුදුරුවනේ...

මෙම දේශනය අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් රුසියාවට වැඩමකිරීමට පෙර
මහනුවර මහ මළුවේදී අවසන් වරට සිංහල ජාතියෙත් සම්බුද්ධ ශාසනයෙත් අභිවෘදිය උදෙසා
නැගූ අවසන් සිංහ නාදයයි,
මොහොතක් හිතන්න,උන්වහන්සේ අප ආගමට ජාතියට දේශයට වන විනාසයය් තුන්කල් දක්ක්නා නුවණින් දැක ජාතියෙන් කල ඉල්ලීමට ඔබට පිටුපා හැකිද…?
සිහලුනේ අපගේ ජාතිය වලපල්ලට යනතෙක් අප බලාසිය යුතුද
අපගේ ආගම අපගේ දේශය නැත්තටම නැතිවී යන තෙක් බලා සිටිය යුතුද
අප වෙනුවෙන්ම අපගේ ජාතිය වෙනුවෙන්ම ඉපදෙන්නාවූ දියසේන කුමාර වරු ඉපදෙන තේක් අපි නිවටයන් මෙන් බලා සිටිය යුතුද
උදාරවූත් උත්තරීතරවූත් සමාජගත සෝම හිමි වැනි ශ්‍රෙෂ්ඨ චරිත දිවිපිදු ඒ රට ජාතිය වෙනුවෙන් අපද යුතුකම් ඉටුකල යුතු නැතිද
මෙය නරඹා ඔබ ඔබේ තීරණය වෙත එලඹෙන්න…!!




Saturday, December 8, 2012

අන්තවාදයේ නවතම බිල්ල

මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන


නව වන දසවන සියවස ආසන්න කාලයේ රජරට ශිෂ්ඨාචාරයේ ඇතිවූ දියුණුව සනිටුහන් කරන සළකුණු දක්නට හැකි එක් ස්ථානයක් වන්නේ පදවිය වාහල්කඩ ප්‍රදේශයයි. මහසෙන් රජු විසින් කරවන ලදැයි සැලකෙන පදවිය උතුරු මැද පළාතේ මහා වාරි සංස්කෘතිය පණ ගැන්වූ අසම සම නිර්මාණයකි. එකළ එයට මහා සාගරය යන නාමය ද භාවිතා වූ බව පෙනේ. එම වැවට දකුණු පසින් වාහල් කඩ වැව පිහිට ඇත. මෙයට ව්‍යවහාර වූ නාමය බෑන සාගරයයි. වම් පසින් ඇත්තේ නම්බකඩ වැවයි. මෙය මති සාගරය යනුවෙන් හඳුන්වනු ලැබීය. මේ මහා වාපී ත්‍රීත්වය විසින් පණ ගන්වනු ලැබූ කෘෂිකාර්මික සභ්‍යත්වය ඒ යුගයේ හැටියට ලංකාවේ සමෘද්ධිය ප්‍රකට කරවන්නක් විය.

අනුරාධපුර යුග අවසාන භාගයේ ලංකාවට එල්ල වූ විදේශ ආක්‍රමණයන් රාශියකි. නමුත් ඒ සියලු ආක්‍රමණයන් පරදවා රට සෙමෙහි තබන්නට පාලකයින්ට හැකි විය. මේ යුගයේ දී පදවිය වැවට භාවිතා කළ නාමය වූයේ පදොන්නරු යන්නයි. වාහල්කඩ වැවට සුලින්නරු යන නාමය භාවිතා කළ බවට සාධක සපයන තාමර වැව ටැම් ලිපිය ඉතිහාසයේ සමෘධිමත් කාලවකවානුවක පැතිකඩක් විවර කර දෙයි.මෙම ලිපියට අමතරව රඹෑව හා ඊරිපින්නියාව ටැම් ලිපි දෙකම පිහිටා තිබෙන්නේ වාහල් කඩ වැවට ඉස්මත්තේය. එම ලිපි දෙකේම සඳහන් වන පරිදි මේ ප්‍රදේශයට සුලින්නරු ගම යන නාමය භාවිතා කර තිබේ. මෙයින් පළමු තාමර වැව ලිපිය දෙවන සේන යුගයට අයත්ය.( ක්‍රි.ව. 853-887) රඹැව ලිපිය දෙවනි උදය කාලයට (ක්‍රි.ව. 887 – 898 ) අයත්ය. ඊරිපින්නියාව ලිපිය ද දෙවනි උදය කාලයට අයත් යයි රජයේ සෙල්ලිපි සංග්‍රහයේ පස්වන වෙලුමේ සඳහන්ය.

මේ ලිපි තුනේම සඳහන් පරිදි අනුරාධපුරයේ මහා විහාර පාලනයේ නියුතු සෙන් සෙනවිරද් නම් ප්‍රභූවරයෙකු මේ සුළින්නරු ගමේ සෙනවිරද් නම් පිරිවෙනක් සකස් කර එහි භික්ෂූන් වහණ්සේලා ගේ අධ්‍යාපන පහසුව උදෙසා ඒ ප්‍රදේශයේ ගම්බිම් පවරා දුන් බව සඳහන්ය. වත්මන් වාහල් කඩ ඉස්මත්තේ එයට පෝෂක වන ප්‍රදේශයේ තවලම් හල්මිල්ලෑව කපු ගොල්ලෑව තාමර වැව ආදී ග්‍රාමීය වැව් රාශියක් පිහිට ඇත. වාහල් කඩ වැවට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන තවලම්හල් හල්මිල්ලෑව ඔය නියන් කාලයට සිඳි යයි. ඒ නිසා මාස් කන්නයේ වර්ෂා කාලයට ජලය එක් රැස් කර ගැනීමේ පහසුව පිණිස පැරණි රජවරු වාරි මාර්ග රාශියක් මේ පෙදෙසේ කර ඇත. පදවිය වැවට ජලය සපයන මොර ඔය ආරම්භ වන්නේ කුංචුට්ටු කෝරළයෙනි. කුංචුට්ටු යනු පුංචි උල්පත් ප්‍රදේශයයි. මේනිසා මොර ඔය යම් පමණකින් ජලයෙන් පිරී පවතී.

මේ සුළින්රු ගම සෙනවිරද් පිරිවෙනට පවරා දෙන අවස්ථාවේ දී මේ ගම් වල කුඹූරු රිසි සේ අස්වැද්දීමට අවශ්‍ය වාරිමාර්ග පහසු කම් සැපයීමට ද රජවරු උනන්දු වී ඇත. ඊරිපින්නියාව ටැම් ලිපියේ සඳහන් වන්නේ මොර ඔය හරස් කර තැනූ අමුණෙන් ජලය හරවා වාහල් කඩ වැවට ගෙන ගිය ආකාරයයි. එහි සෙල් ලිපි පාඨයේ පෙර සිරත් පෙකුර් වසා හොය කොඩ් බද් බනුවත්තට් පොසොවුනල්ලට් මහමඩ්ලියෙන් වන් දොලොස් කිරියැ නොගන්නා කොට් ඉසා යනුවෙන් සඳහන් වන විට එයින් වෙසෙසි කාරණයක් ඉස්මතු වෙයි. මහසෙන් යුගයේ ආරම්භ වුවද ඉන් පසුව නවවන සියවස වන විට ද පෙර සිරිත පිලිබඳව සැලකිලිමත් වීම මෙම වෙසෙසි කාරණයයි. ඒ මතුද නොව සෙනවිරත් පිරිවෙනට මෙම ගම පූජා කළ හෙයින් දොලොස් කිරියක ධාන්‍ය බදු ද නොගත යුතු යයි සඳහන්ව තිබීම ඒ යුගයේ සම්ප්‍රදාය කුමක්දැයි කිය පෙන්වන්නකි.

මෙම ඇළ මාර්ගය වැටී ඇත්තේ වාහල් කඩ වැවට වම් පසිනි. තාමර වැව පසුකර වැව් දෙකක් පෝෂණය කරමින් අවසානයේ රඹෑවට වැටී ජලකඳ පාත් වන්නේ වාහල් කඩටයි. වාහල් කඩ වාන් දමන කල්හි රඹෑව පැත්තෙන් තිබෙන ආඬියා වැව පත්තෑව යන වැව් දෙකට වැටුණු ජලය පදවිය වැවට එකතු වුණු බව පැරණියන් පවසති.මේ සම්ප්‍රදාය මගින් ජලය උපරිම අන්දමින් ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනීයයි. එහෙත් වර්තමාන වාරි ඉංජිනේරුවන් මේ පිළිබඳව සැලකිල්ලක් දක්වා නැත. එම ඇලේ නටබුන් තාමර වැව පාසල් වත්ත හරහා වැටී තිබෙන ආකාරය දැනට දක්නට හැකිය. මේ ඇළ මාර්ගය පණ ගැන්වීමට උත්සාහ නොකිරිම නිසා මාවත වැව ආදී බොහෝ වැව් ගණනාවකට අද ජලය අහිමි වී තිබේ.මේ නිසා මේ ප්‍ර දේශ කැලෑවට යට කර වන දෙපාර්තමේනතුවට පවරා දී ඇත. තවලම් හල්මිල්ලෑව ඔයෙන් එගොඩ පිහිටා තිබෙන්නේ පුංචි කුලම නොහොත් කුංචි කුලමයි. වීර සෝලේ වැවද එයට යාබදව පිහිටා ඇත. පුංචි කුලම වැවේ ඉස්මත්තේ වැදගත් පුරාවිද්‍යාස්ථානයක් පිහිටා තිබේ. දැනට හඳුනා ගත හැකි ආකාරයට මේ ස්ථානයේ පැරණි සෙනවිරත් පිරිවෙන් පිහිටා තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

මේ තත්වය එසේ වුවද කුංචි කුලම පිහිටුවා තිබෙන අත්තාණි ලිපියේ සඳහන් වන පරිදි පෙර මහා විහාරයට පවරා දී තිබූ මේ පිරිවෙන උදය රජුගේ සෙහොයුරු කසුප් රජ කාලයේ දී අභයගිරි මහ වෙහෙරට පවරා දුන් බව තහවුරු වෙයි. අනුරාධපුර සිදු වූ ශාසනික වෙනස් කම් මෙයට බලපාන්නට ඇත. කෙසේ වෙතත් මේ සියලු ශිලා ලිපි මෙන්ම එයට අදාල පුරාවිද්‍යා ස්ථානයන්ද ලංකාවේ ඉතිහාසයට අතිශයින් වැදගත් බව නොකිවමනාය. නමුත් විදේශීය ආක්‍රමණ හේතුවෙන් මේ ප්‍රදේශ එක් කලකදි ජනශූන්‍ය විය. පොලොන්නරු යුගයෙන් පසු සිදුවූ ද්‍රවිඩ ආකුමණයන් මීට තදින්ම බලපෑ බව පෙනේ. නමුත් නුවර යුගයේ දී පවා නැවතත් මේ ස්ථාන සංවර්ධනය වී සිංහල ජනතාව පදිංචිව සිටි ආකාරය පෙන්නුම් කළ හැකිය. එම යුගයේ දී මේ පළාත කරවීමට විදානේ වරයෙක් පත් කොට ඇති අතර වන්නි වරුන් අතරින් තෝරා ගත් හුරුල්ලේ ඉලංගසිංහ කුමාරසිංහ මෙහිදී හුරුලු විදානේ ලෙසින් පත්කර තිබුණි. මොහු ගෙන් පසු ඔහුගේ පරපුර ඒ පළාතේ රටේ මහත්තැන් තත්වයට පත් කර තිබේ. ඒ අනුව සියුලු වැව් ගම්මාන ඔහුගේ නින්දගම් ලෙසින් භාවිතා කර ඇති බව පෙනේ.

1915 මුස්ලිම් කෝලාහලයෙන් පසුව මේ ප්‍රදේශය තුල පවතින ජන ශූන්‍ය ගම්මාන කීපයක් තෝරාගත් මේ රටේ මහත්මයා ඒවායේ මුස්ලිම් වරු පදිංචි කර ඇත. හෙරොව්පතානේ කඩ මණ්ඩියේ සිටි මේ පිරිස ආරක්ෂාව පතා තාවකාලිකව එසේ පදිංචි කළ බව පෙනේ. ඒ අනුව වීරසෝලේ කුංචිකුලම ආනඔලන්දාව පත්තෑව වැනි ගම්මාන හතක පමණ මුස්ලිම් වරු පදිංචි වී තිබේ.නමුත් පසු කාලයේ දී මේ පදිංචි වීම් ස්ථීර වී ඇත. පසු ගිය කාලයේ දී කොටි ත්‍රස්තයින් ගේ අඩන්තේට්ටම වලට යටත් වූ මේ ගම්මාන යළිත් සංවර්ධනය වන්නට පටන් ගෙන ඇත්තේ දැන්ය. එහිදී මෙහි පිහිටා තිබූ සෙනෙවිරත් පිරිවෙන හා අත්තානි කණු වලට වූයේ කුමක්දැයි සෙවීම මගේ අරමුණ විය. එහිදී අපට දක්නට හැකිවූයේ ඓතිහාසික සෙනෙවිරත් පිරිවෙන් භූමිය ඩෝසර කර ඇති බවයි. වීරසෝලේ ගමේ මුස්ලිම් වරු 2010 වසරේ දී මේ භූමි භාගය සමතාලා කොට එහි තිබෙන පුරාවස්තු රාශියක් පොකුණකට දමා පස් පුරවා ඇත. අනතුරුව එම ප්‍රදේශයේ බඩ ඉරිඟු සිටවා ඇත.

මේ ප්‍රදේශයේ සංචාරය කරන විටදී මේ සහාසික අපරාධය සියැසින්ම දැක ගන්නට ලැබුණි. ඓතිහාසික කුංචි කුලම ටැම් ලිපිය එහි පදනමෙන්ම ගලවා දමා ගොඩට ඇද තිබේ. එහි ඉහළ කැබැල්ල දක්නට නැත. පිරවෙන භූමියේ එක් පැත්තක් සහමුලින්ම ඩෝසර කර ඇත. පැරණියන් පවසන පරිදි මෙහි ගඩොල් පාදම් සහිත විශාල ගොඩනැගිල්ලක අවශේෂ දක්නට තිබී ඇත.එය පැරණි සෙනවිරද් පිරිවෙනේ පාදම විය හැකියයි අනුමාන කළ හැකිය.මෙම විනාශය සිදු වන අවස්ථාවේ දී එය දැන ගන්නට ලැබුණු කපුගොල්ලෑව විහාරාධිපති ස්වාමීන්වහණ්සේ එම ස්ථානයට පැමිණ ඩෝසර කරන ලද ඇතැම් ගල්කණු කැබලි සිරි පතුල් ගල් මෙන්ම මැටි පුවරු කීපයක්ද රැගෙන වුත් විහාරස්ථානයේ දැනට තැන්පත් කර තිබෙන ආකාරය දැක්ගන්නට හැකිවුණි. පෙර සිරිත නොදත් අන්‍යාගමිකයින් මෙන්ම තමන්ගේ ජාතික උරුමය නොදත් ඇතැම් සිංහල නිළධාරින්ගේ පිහිටෙන් දැන් මේ මුස්ලිම් වරු බලවත් වී තිබේ.එයට හොඳම උදාරහරණය පුරාවස්තු වලින් පිරි වීරසෝලේ කඳුවැටියේ ගල් වලක් දැමීමට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අවසර පත් ලබා දීමයි.

මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද ?


 

අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ

ඉතිහාසය යක්‌කු කයිද - බලධාරි බබ්බු දොයිද

සැඳෑ හිරු අවරගිරෙන් බැස යමින් තිබිණි. සමන් හා ත්‍යාගරාජාත් මමත් යමින් සිටින්නේ මොට්‌ටයාගල පැරැණි පුදබිම වෙතය. අක්‌කරපත්තුව සිට සාගම පාරේ කි. මී. 10 ක්‌ පමණ ගොස්‌ අප නතර වෙද්දී පසෙකින් අපට දිස්‌වූයේ විශාල ගල් තලාවකි. දැන් මේ වෙලාවට අලි එනවා. ඒක හින්දා බයිසිකල්වලින්ම එතනට යමුයි සමන් පැවසීය. කුඹුරු හයකින් මෙම ගල්තලාවම වටවී ඇත. අක්‌කරපත්තුව සාගම පාරේ සිට මෙම තැනට මීටර් හාර පන්සියයක්‌ ඇත. දැන් අපගේ යතුරුපැදි ගමන් කරන්නේ වී වගාවට බිම සැකසූ කුඹුරු හා නියරවල් උඩින්ය. බයිසිකල් දෙකම ආපු පැත්තට හරවලා තියන්න. තව ටිකෙන් අලි මෙතනට එනවා. ඈතින් අලින්ගේ කුංචනාදයක්‌ ඇසුණු සමන් පැවසීය.

කෝ කොතැනද ඩෝසර් කරපු දාගැබ තියෙන්නේ යනුවෙන් මම ඔවුන්ගෙන් විමසද්දී වී වගාවට තැනූ ලියෑදිවල නියර උඩින් ඔවුන් මා කැටුව මදක්‌ ඉදිරියට යන ලදී. අඩි දෙක තුනක්‌ උසට සැදූ නියරවල තිබුණේ ඉපැරැණි විවිධාකාර හැඩවලින් යුක්‌ත ගඩොල්ය. මෙන්න මෙතන තමයි දාගැබ තිබුණේ සමන් පැවසීය. මාහට ඇස්‌ අදහාගත නොහැකිය. වසර සිය දහස්‌ ගාණක ඈත අතීතයේ බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ මුවින් නික්‌මුණු ධර්මය ශ්‍රවණය කරන එකල බොදු ජනතාව සාධු නාදයෙන් වන්දනා මාන කරන්නට ඇති දාගැබ් වහන්සේ හොරු අරගෙන ගොස්‌ ඇතිසේය. එය සිත්පිත් නැති මිනිසුන්ගේ ඩෝසර්වල තලයට හසුව ටිකෙන් ටික තල්ලු වී ගොස්‌ මුළුමනින්ම බිමටම සමතලා වී තිබිණි. ඒ දුටු අප දැඩි තිගැස්‌සීමට හා දැඩි වේදනාවකට පත්වුණි. මෙලෙස විනාශව ගොස්‌ ඇත්තේ හෙට දිනයේ පරපුරට දැකගන්නට තිබෙනා අපේ ඉතිහාසය නොවේදැයි අපට සිතුණි.

මෙන්න මෙතන තමයි දාගැබ තිබුණේ. මේ තියෙන්නේ බිම තිබ්බ ගඩොල් කැට ත්‍යාගරාජා අපට පැවසීය. එක්‌ පසෙක කඩා බිඳ දැමූ ගල් කරුවෙකි. දාගැබේ තිබූ විවිධ හැඩයේ ඉපැරැණි ගඩොල් තැන් තැන්හි විසිරී ඇත. මෙහි තිබුණු පස්‌ හා ගඩොල් යොදා නියරවල් සකසා වී වගාවට ලියෑදි 02 ක්‌ සකසා ඇත. දාගැබ්හි ධාතුන් තැන්පත් කර වසා දමා තිබුණායෑයි සිතිය හැකි ගඩොලින් සහ බදාමයෙන් සකස්‌ කළ පුවරුවක්‌ද දාගැබ තිබූ ස්‌ථානයේ සිට මීටර් 50 කට අධික දුරකට රැගෙන ගොස්‌ දමා තිබිණි. එම සෑරදුන් අසලින් ඉහළට එසවී තිබුණු තල්ගස්‌ දෙකද ඩෝසරයේ පහරින් ඉදිරී බිමට වැටී එකක්‌ නියරකට දමා ඇත. අනෙකද ඈතට ගොස්‌ දමා ඇත. තවත් කෙතරම් නම් ඉපැරැණි උරුමයන් මෙලෙස ඩෝසර් පාරට හසුව විනාශයට පත්වන්නට ඇත්ද? තවත් කෙතරම් නම් ප්‍රමාණයක්‌ මිනිසාගේ දෙනෙතින් වසන් කරලන්නට මෙම පස්‌ තලාවට ඔවුන් යටකරලන්නට ඇත්දැයි අපට ඒවා දකිද්දී සිතිනි.

අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් වන අක්‌කරපත්තුව පදිංචි එච්. සමන් මහතා "දිවයින"ට අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසීය. මම පසුගිය 31 වැනිදා පෝය දිනයේ මෙම මොට්‌ටයාගල දාගැබ අසලට පැමිණ ඡායාරූප ලබාගත්තා. නමුත් ඊට දින 03 කට පමණ පසුව මෙම ස්‌ථානයෙන් යනවිට මම දැක්‌කා මෙම ස්‌ථානයේ තිබ්බ තල්ගස්‌ නොමැති බව. මම බයිසිකලය නතර කර බලද්දී මට පෙනුණ මෙතන ඩෝසර් කරලා තිබෙන අයුරු. මමත් ත්‍යාගරාජාත් දෙදෙනා ඒ වෙලේ එතනට ගොස්‌ බලද්දී තමයි අහස පොළොව නුහුලන මෙම මහා විනාශය සිදුකර තිබෙන අයුරු දුටුවේ. පස්‌සේ 119 දුරකථන අංකයෙන් අම්පාර පුරාවිද්‍යා පොලිසියටත් දැනුම් දුන්නා. පස්‌සේ අක්‌කරපත්තු=ව පොලිසියෙන් හවස ගෙදරට ඇවිත් මාව මුණගැසී මාත් සමග මොට්‌ටයාගල මෙම ස්‌ථානයට පැමිණියද කළුවර වැටී තිබුණු නිසා එම ස්‌ථානය පරීක්‍ෂා කරන්න බැරිවුණා. මට පසුදා අක්‌කරපත්තුව පොලිසියට පැමිණ පැමිණිල්ලක්‌ දාන්න කීවා. මම පසුවදා ගිහින් පැමිණිල්ලක්‌ දාන්න හදද්දී ඊට පසුවදා ජනාධිපතිතුමා අක්‌කරපත්තුවට එන නිසා පොලිසියේ නිලධාරීන් විවිධ වැඩ නිසා මට පැමිණිල්ලක්‌ දාන්න බැරි වුණා.

අපේ මිනිසුන් දිගාමඩුල්ලේ නටඹුන් විනාශ වෙන්න දීලා අනුරාධපුර, පොළොන්නරුවේ අතීත උරුමයන් බලන්න යනවා. නමුත් දිගාමඩුළු පුරවරයේ තිබෙන මෙම උරුමයන් අපි රැකගන්න ක්‍රියා කළහොත් ඒවාට නොදෙවෙනි උරුමයන් අම්පාරේ තිබෙන බව ලෝකයට පෙන්වන්න පුළුවන්. මේවා ත්‍රස්‌තවාදී කලබල සමයේදීවත් විනාශ වුණේ නැහැ. යුද හමුදාව හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මේවා ඒ කාලෙත් රැකීමට කටයුතු කළා. මිනිසුන්ද කොටින්ට බයේ වනාන්තරවලට නොයැම නිසාද මේවා ආරක්‍ෂිත වුණා. මේවා අතීත බෞද්ධ උරුමයන්. සද්ධාතිස්‌ස රජ කාලේ මේවා අස්‌වැද්දුවේ ඒකාලේ සිංහලයෝ. නමුත් මේවා සිංහලයෝ කළා කියලා කිසිම අයිතියක්‌ මෙහේ දැන් ඉතිරි වෙලා නැහැ. අක්‌කරපත්තුවේ බොහෝ සිංහල අය පසුගිය කොටි කලබල සමයේ මෙහෙන් ගොස්‌ නැවත යුද්ධය නිමාවීමෙන් පසුයි පැමිණියේ.

දැන් අපි මෙහි සිටින සිංහල පවුල් 100 ක්‌ එකතුකොට අක්‌කරපත්තුව සිංහල සංවිධානය පිහිටුවා මෙහි සිංහල ජනතාවගේ ගැටලු වලට විසඳුම් සෙවීමට සමිතියේ සභාපති වන ධනපාල මහතාත් සමග කටයුතු කරමින් සිටිනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ නැගෙනහිර අතීත උරුමයන් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙසටත් ඉපැරැණි පුරාවස්‌තූන් වලට හානි කරන අයට දැඩි දඬුවම් දෙන ලෙසයි යනුවෙන් සමන් මහතා වැඩිදුරටත් "දිවයින"ට අදහස්‌ දක්‌වමින් පැවසීය.

සිංහල, දෙමළ, මුස්‌ලිම් කවුරුන්ගේ වුවද ජාති භේද තුළ භේද නොමැතිව තමුන්ගේ සියලුම අතීත උරුමයන් රැකගත යුතුව ඇත. මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් අම්පාර මානව හිමිකම් සංවිධානයේ දිස්‌ත්‍රික්‌ අධ්‍යක්‍ෂ එන්. ත්‍යාගරාජා මහතා මෙසේ අදහස්‌ දැක්‌වීය.

මෙය මුස්‌ලිම් කෙනෙක්‌ කළ බවට තහවුරු වෙනවා. කාගේ වුවත් ආගමකට ගරුකළ යුතුයි. ඕනෑම ආගමක හෝ ජාතියක උරුමයන් රැකිය යුතුයි. නමුත් මේ වාගේ බෞද්ධ උරුමයන් විනාශවීම නවතාලිය යුතුය. නැගෙනහිර පළාතේ සිංහල දෙමළ උරුමය විනාශ වී යනවා. සිංහල දෙමළ ගම්බිම් විනාශ වී යනවා. මින් ඉදිරියටත් ජනාධිපතිතුමා හරහා මෙවැනි විනාශයන් සිදුවීම වැළැක්‌වීමට කටයුතු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා. මොට්‌ටයාගල පුදබිමට කර තිබෙන හානිය දකිද්දී ඉමහත් වේදනාවක්‌ ඇතිවෙනවා. අනාගත පරපුර වෙනුවෙන් අපි මේවා ආරක්‍ෂා කළයුතුව ඇතැයි එන්. ත්‍යාගරාජා මහතා අදහස්‌ දක්‌වමින් පැවසීය.

මෙම මොට්‌ටගල කල්ලු ඉපැරැණි පුදබිම ක්‍රිස්‌තු පූර්ව යුගයේ සිට පැවත එන බවට විවිධ වූ සාක්‍ෂි ඇත. ඇතැමුන් මෙයට මොට්‌ටියාකල්ලු, මොට්‌ටියාවල යන නම්වලින්ද හඳුන්වති. මෙහි අදට දක්‌නට ඇති මහඟු උරුමයන් අතීතයේ පැවැති ශ්‍රී විභූතියට කදිම සාක්‍ෂියකි. මෙහි එක්‌ පසෙක ගල් පර්වතයේ අර්ධ උන්නති රූපයකි. එකිනෙක පිරී ඉතිරී යන පොකුණු සංකීර්ණයකි. කටාරම් කෙටූ ලෙන් සහිත වටිනා සෙල්ලිපි හා විවිධ පුරාවිද්‍යා නටබුන් මෙම මොට්‌ටයාකුලම් පර්වතය පුරා විසිරී ගොස්‌ ඇති අතර ඒවායෙන් පෙනෙන්නේ එකල මෙහි තිබූ සමෘද්ධිමත් සශ්‍රීක වූ ජන ජීවිතය පිළිබඳ තොරතුරුය.

පුරාවිද්‍යා චක්‍රවර්තී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ මෙම ස්‌ථානය පිළිබඳව අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසූහ.

මෙම ඓතිහාසික වටිනා කමකින් යුක්‌ත පුදබිමේ මහානාග යුව රජුගේ සිට යඨාලතිස්‌ස, ගෝඨාභය, කාවන්තිස්‌ස යන රජවරුන්ගේ තොරතුරු සඳහන් සෙල්ලිපි රැසක්‌ තිබෙනවා.

මෙහි ආරම සංකීර්ණයක්‌ මෙන්ම එකිනෙක ජලය පිරි හෝ ජලය එකතු වන පොකුණු සංකීර්ණයක්‌ද තිබෙනවා. ඊට අමතරව විවිධ නටබුන් රැසක්‌ පවතිනවා. මේ වන විට මේවාට මේ දිනවල විවිධ තර්ජන එල්ලවෙමින් විනාශව ගොස්‌ ඇතැයිද පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් "දිවයින" කළ විමසීමේදී අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

මේ වනවිටත් නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුවී තිබෙන මෙම පුදබිමේ ඇතැම් තැන්වල නිධන් හොරුන් විසින් නිධන් ගත් ස්‌ථාන මෙන් කඳු මුදුනේ ඇති ගරා වැටුණ ස්‌ථූපයේද නිධන් සෙවීමට හාරා තිබේ.

ක්‍රිස්‌තු පූර්ව යුගයේ සිට සශ්‍රීකත්වයට හා ජනාවාසයට පත්වූ බවට කදිම සාක්‍ෂියක්‌ වන මොට්‌ටයාකල්ලු සෙල්ලිපි හා නටඹුන් කදිම සාක්‍ෂියකි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ සෙනරත් පරණවිතාණ මහතාගේ IMSCRITTION OF CYLON PART II නම් ග්‍රන්ථයේ 487 වැනි සෙල්ලිපියෙහි මෙම දස භානිකයන් ගැන සඳහන් වෙති. එම සුවිශේෂි සෙල්ලිපිය මොට්‌ටයාකල්ලු පර්වතයේ පිහිටා ඇත.

දශභතික - රනCධ වක - ණය උපරCධ නාග උපරCධ නගහ මරුවකනකේ මහ පශදිග අභය රCධහ පුතෙ ගමිණි තිසහ විහරෙ අගත අනගත වේකු සගශ නියතෙ.

මොට්‌ටයාගාකල්ලු සෙල් ලිපියේ ක්‍රි. පූ. 3 හා 1 සියවස්‌ වලට අයත් යෑයි සිතන පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරවලින් යුතු මෙම ගිරි ලිපියෙහි මෙසේ කියෑවේ.

දසභානික පරම්පරාවට අයත් (කතරගම ක්‍ෂ්ත්‍රියන්ගේ පරම්පරාව විය හැකිය) උපතැර නාග නාග නම් රජ කෙනෙක්‌ ගමිනිතිස විහාරය කරවා පැමිණි නොපැමිණි පූජා කළ බව මෙයින් කියවේ.

මෙම දසභානියන් සම්බන්ධ ගිරි ලිපිය නිසා මෙම ස්‌ථානයේ ඓතිහාසික බව ක්‍රි. පූ. 3 වැනි සියවස හෙවත් මහින්දාගමනය සිදුවූ වකවානුව දක්‌වා ඈතට දිවයයි. දසභානිකයන් පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවලින් කියෑවුණ අතර එය පුරාවිද්‍යා මූලාශ්‍රයකින් සනාථ වන අවස්‌ථාවක්‌ ලෙස මෙම මොට්‌ටකල්ලු ගිරි ලිපිය සුවිශේෂී වේ.

මෙම දසභානිකයන් මහාවංශය ප්‍රමුඛ සාහිත්‍ය මූලාශවල සඳහන් කතරගම ක්‍ෂ්ත්‍රියන් හෙවත් දසබෑ රජවරුන් ලෙස හඳුනාගත හැකිය. මෙම දසභානික පරම්පරාව දේවානම් පියතිස්‌ස රජ සමය දක්‌වා දිවෙන බව සාහිත්‍ය මූලාශ වලින් කියෑවේ. ඒ අනුව බලන කල මෙම ස්‌ථානය ඉතාම සුවිශේෂි සෙල්ලිපි වලින් ග්‍රහණය.

මෙවන් වටිනා උරුමයන් සහිත ඉපැරැණි පුදබිමක්‌ වන මෙම මොට්‌ටයාකල්ලු පුද බිමේ පිහිටි ස්‌ථූපයට වූ හානියම මෙවන් සුවිශේෂී ඉතිහාසයත් සමගින් මෙතෙක්‌ විරාජමානව සිටින මෙම මහා කළු ගල් පර්වතය හෙට දිනයේ ඉතිහාසය වළදමන්නට උත්සහා දරන නරුමයෙක්‌ ගල්කොරියක්‌ දමා විනාශ කළද නිලධාරීන් නිහඬව සිටීමට ඉඩ තිබේ. දීඝවාපිය කොටිගල පුරාවිද්‍යා ස්‌මාරකයන් වන අතර එයද මේ වන විටත් ගල්කොරියක්‌ දමා විනාශ කර අවසන්ය. මඩකලපුව කුසලානගල ඇති ඉපැරැණි සෙල්ලිපි හා උරුමයන් සහිත ගල්කුළු රැසකට මේ වනවිට විවිධ හානි සිදුවෙමින් තිබේ. ඇතැමුන් මෙම පුරාවස්‌තු විනාශ කරන්නේ නීත්‍යානුකූල බලපත් රැගෙනය. එය එසේ කරන තෙක්‌ බලධාරීන්ද නිහඬය. මෙම මුස්‌ලිම් ප්‍රදේශවල සීගිරිය තිබුණා නම් එයටද ගල් මෝලක්‌ දමන්නට අවශ්‍ය අවසරපත් ලබාදීමට මෙම ප්‍රදේශවල සිටින ඇතැම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කරනු නොඅනුමානය.

දීඝවාපිය පුදබිම ආශ්‍රිතව තිබුණු ස්‌ථූප රැසක්‌ මේ අයුරින් ඩෝසර් පහරට නතුව නැතුව විනාශව ගොස්‌ ඇත. මේ අයුරින් නැගෙනහිර පුරාවස්‌තු සංහාරය දිගින් දිගටම සිදුවෙමින් තිබේ. ඇතැමුන් ගල් කණුවක්‌ දුටුවත් සැනෙකින් එයට කුළුගෙඩි පහරදී විනාශ කරන්නට තරම් සැහැසි වී තිබේ. එම නිසා මේවා රකින්නට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ ඇතිකර ආකල්පමය වෙනස්‌කමක්‌ ඇති කිරීමට කාලය පැමිණ ඇත. 6 ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය තෙක්‌ ඉතිහාසය විෂයක්‌ සමග පුරාවිද්‍යාවද විෂයන් වශයෙන් සිසුන්ට ඉගැන්වීම තුළින් මෙවැනි උරුමයන් රැකීමේ වටිනාකම මැනවින් බාල පරම්පරාවට අවබෝධ කිරීමට දැන්ම කටයුතු කළ යුතුව ඇතැයි පුරා විද්‍යා උරුමයට ලැදි අය පවසති. ජනාධිපතිතුමනි, නැගෙනහිර පුරාවිද්‍යා උරුමය අනතුරේ බවත් එසේ කරනා අයට දැඩි දඬුවම් දියයුතු බවත් අපි ඔබට අවධාරණය කරනු කැමැත්තෙමු.

විශේෂ ස්‌තුතිය - බුද්ධි නාගොඩවිතාන මහතාට

Friday, December 7, 2012

ලංකාවේ ඉරණම කෙබදුද?


පවත්වන ලද ජන සංගණන වාර්තාවන්ගේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ඒ තුළ දැකිය හැකි මූලිකම හා බරපතලම කරුණක් වූයේ මෙරට ස්වදේශිකයන් වන සිංහල ජනගහණය පහළ බැස තිබීමත්, ඇතැම් සුළු ජාතීන්ගේ වර්ධන වේගය ඉහළ අගයක් පෙන්නුම් කර තිබීමත්ය. “සිංහල” ජාතියට ඇති එකම භූමිය ලංකාව වන නිසාවෙන් මේ අවදානම කෙරෙහි බොහෝ දෙනෙකුගේ තියුණු අවධානය යොමු විය. සිංහල ජනගහණය වැඩි කර ගැනීමේ අරමුණින් ජනාධිපතිතුමන් විසින්ද නොයෙකුත් යෝජනාදිය ගෙන එනු ලැබූවත්, ඒවායෙහි විධිමත් ප්‍රගතියක් දැකිය නොහැකි විය. මේ සම්බන්ධයෙන් ගරුතර මහානායක ස්වාමීන් වහන්සේලා විසින්ද අවස්ථා කිහිපයකදීම දැඩිසේ අවධාරණය කර සිටියේ රජය මේ කෙරෙහි ඍජු අවධානය යොමු කොට කඩිනම් විසඳුමක් ඇති කළ යුතු බවයි.  මේ සියල්ල දෙස අවධානය යොමු කරන විට පැහැදිලි කරැණක් වනුයේ මෙය කිසිසේත්ම එකවර සිදු නොවුණු ක්‍රියාදාමයක් නොවන බවත්, කාලාන්තරයක් තිස්සේ දියත් වූ කිසියම් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බවත්ය. නමුත්, ගැටලුවකට තිබෙනුයේ මේවා සිද්ධ වන්නේ කෙසේද? කවුරුන් හරහාද? යන වග රජය හෝ මහ ජනතාව නොදැන සිටීමයි. මෙලෙස ඇතිව තිබෙන අවදානම් සහගත වාතාවරණය පිළිබඳව දැයේ – සසුනේ ආරක්ෂාව උදෙසා වන බොදු බල සේනා ජාලයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් කරනු ලැබූ සමීක්ෂණයකදී අවසාන වශයෙන් එළිදරව් වනුයේ රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන නීති විරෝධී ගබ්සා කිරීම් හා වඳ සැත්කම් මේ කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කොට තිබෙන බවයි. එසේම, අදාළ ක්‍රියාදාමයන් මෙහෙයවන හස්තයන් විජාතික – විදේශික බලවේග බවද අනාවරණය වීම විශේෂයි. ඊටත් වඩා වැදගත් කරුණ වනුයේ මෙකී ක්‍රියාදාමයෙහි වසර ගණනාවක සිට නිරත වුණු ජනගහන සේවා ලංකා (PSL) හා මාරි ස්ටෝප්ස් ජාත්‍යන්තර සමාගම (MSI) යන මිතුරු වේශයෙන් සිටින ආයතනයන්හි දිසි අදිසි ක්‍රියාකාරීත්වයන් මීට බලපා තිබීමයි. “පුංචි පවුල රත්තරන්” වැනි සංකල්ප හරහා රුකුල් දුන් වන්ද්‍යාකරණ ව්‍යාපෘතීන්හි සැඟැවුණු නිරුවත මෙසේ හෙළිදරව් වනුයේ අතළඟ වන මහා විනාශයක් වහාම වැළැක්විමට කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් විසින් මෙහෙවන්නාක් මෙනි.  එහෙයින්, ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් බොදු බල සේනා ජාලය විසින්  එළිදරව් කරනු ලබන කාරණා ඇසුරින් පහත විශේෂ වාර්තාව ගෙන හැර පාමු.

මුහුදු මහා විහාරය විනාශ කරන අයුරැ මෙතනින් නරඹන්න



Thursday, December 6, 2012

බදුල්ල නගරය


බදුල්ල මුස්ලිම් ව්‍යාපාරිකයෝ බුදුන්ට අපහාස කරනවාට බදුල්ල තරුණ බොදු බලකායෙන් විරෝධතා…

බදුල්ල මුස්ලිම් වෙළඳ ව්‍යාපාරිකයෙක් බුදුන්ට අපහාස වන අන්දමින් ඇඳුම් ආයිත්තම් විකුණනු ලබන බවට ලැබුණු තොරතුරක් මත බොදු බල සේනා බදුල්ල බොදු බලකාය විසින් කරනු ලැබූ විශේෂ මෙහෙයුමකදී එක්තරා වෙළඳසැලකින් බුදුරුව යෙදූ අත්පළඳනා මේස් යුවළක් සොයා ගැනීමට හැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත මෙසේය.
———————————————————————————————————————————————————————-
“බදුල්ල මුස්ලිම් වෙළඳසැලකින් බුදුරුව යෙදූ මේස් යුවළක්…
(අපි හදුන්වනු ලබන්නෙ ඩීන් අයියාගෙ කඩය යනුවෙනි)

අදාළ මුස්ලිම් ව්‍යාපාරිකයා හා බුදුරුව යෙදූ මේස් කුට්ටම
අදාළ මුස්ලිම් ව්‍යාපාරිකයා හා බුදුරුව යෙදූ මේස් කුට්ටම

බුදුරජාණන් වහන්සේට අපහාස වන අන්දමින් බුදුරුව යෙදූ ඇඳුම් ආයිත්තම් අලෙවි කරන මුස්ලිම් වෙළඳසැලක් සම්බන්ධයෙන් බොදු බල සේනා විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද විශේෂ වැටලීමකදී බුදුරුව සහිත මේස් කුට්ටමක් සොයා ගැනීමට හැකි වී තිබේ.  අංක 41, තැපැල් කාර්යාල පාර, බදුල්ල දරන ස්ථානයෙහි පිහිටි “ඩීන් ෆැන්සි පොයින්ට්” නම් මුස්ලිම් ව්‍යාපාරික ආයතනයක් මෙසේ බොදු බල සේනා සෝදිසි මෙහෙයුමට ලක්ව තිබේ. අදාළ මෙහෙයුමේදී වරදකරුවන් ලෙස පිළිගැණුනු ව්‍යාපාරික ප්‍රධානියා හා ඔහුගේ සේවකයන් දෙදෙනෙකු අත්තඩංගුවට ගැනීමට කටයුතු කොට තිබේ. මේ වෙනුවෙන් දායක වූ ප්‍රදේශවාසී මහසඟරුවනටත්, බදුල්ල බොදු බල තරුණ බලකායටත්, බදුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන් ඇතුළු සියලුම නිලධාරීන්ටත් බොදු බල සේනා ජාලයේ හදපිරි ප්‍රණාමය, ශුභාශිංෂණ හා පුණ්‍යානුමෝදනාව පුදකර සිටිමු.
2012 නොවැම්බර් 22 දින දී ය.”
———————————————————————————————————————————————————————
මෙම සිද්ධිය හා සම්බන්ධ විශේෂ නඩු විභාගය 2012 නොවැම්බර් 23 වැනි දින බදුල්ල මහාධිකරණයේදී විභාගයට ගැනිණ. එහිදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් නීතීඥයෙන් හය දෙනෙක් උසාවියේ පෙනී සිටි අතර නඩු විභාගය අවසානයේදී අදාළ විත්තිකරුවන් ඇප පිට නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙකී බෞද්ධ විරෝධී ක්‍රියාවට එරෙහිව දැඩි ලෙස විරෝධය පළ කරමින් බදුල්ල තරුණ බොදු බල සාමාජිකයන් පිරිසක් උදෑසන සිට බදුල්ල අධිකරණයට යාබදව පිහිටි ප්‍රධාන වටරවුම අසලදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබිණි. ප්‍රදේශවාසී මහසඟරුවන සහ බදුල්ල තරුණ ප්‍රජාව මෙහි මූලිකත්වය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බදුල්ල තරුණ බොදු බල මෙහෙයුම් සංවිධානයේ සම්බන්ධීකාරක නිමල් දයාසිරි මහතා:
“නීතියෙන් ලබා දිය හැකි විනිශ්චය ලබා දුන්නා. ඒත්, මෙවැනි ක්‍රියාදාමයන් වළක්වන්න මීටත් වඩා බලවත් නීති අවශ්‍යය කරනවා. කොහොම වුණත් බදුල්ල බොදු බලකායේ තරුණ ප්‍රජාවගේ අවධානය නිරන්තරයෙන් බුදුදහමට එරෙහි බලවේග වෙත යොමු වෙන නිසා මෙවැනි ක්‍රියාදාමයන් මුලිනුපුටා දමන්න පුළුවන්… අපිට අන්‍යාගමිකයන් සමග තරහක් නෑ… අපි කියන්නේ අවිහිංසාවාදී බෞද්ධයන්ගේ අවිහිංසාවට ගරු කරලා ඔවුන්ගේ අයිතීන් උරුමයන් සුරක්ෂිත කරලා දෙන්න කියන එකයි. අපේ රටට – ජාතියට – ආගමට අපහාසයක්, අගෞරවයක් සිද්ධවන තැනදී අපි නියම ජාතිවාදියෝ තමයි. ජාතිවාදය සිංහල බෞද්ධ අපිට ආඩම්බරයක්… මේවා තවදුරටත් සිද්ධ නොවන්න බලධාරීන් බලාගන්න ඕනෑ… මෙවැනි ක්‍රියා සිද්ධවනවාට බලධාරීන් සම්පූර්ණයෙන්ම වගකීම බාරගන්න ඕනෑ… වගකියන්න ඕනෑ… බලධාරීන්ට මේවායෙහි වගකීම බාර ගෙන ඒවා වළක්වන්න කටයුතු කරන්න බැරි නම් ඉන් එහාට මේවාට එරෙහිව කටයුතු කරන්න ජාතිමාමක බලවේග සූදානම්… අපිට නීතිය අතට ගන්න අවශ්‍යය නෑ… ඒත් මේ රටේ නීති හැදුවේ අපි. ඒක අපේ පරමාධිපත්‍යය. අපේ පරමාධිපත්‍යය අපේ අනන්‍යතාවට අනුකූලව ක්‍රියාත්මක වෙන්න ඕනෑ.. අපේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්න අපි හැමෝම පොලිස්කාරයෝ තමයි…!!! මින් ඉදිරියට බදුල්ලේ සිංහලයාට බෞද්ධයාට එරෙහි බලවේගයන් මර්දනය කරන බදුල්ල නිල නොවන පොලීසිය අපි”  යනුවෙන් සඳහන් කළේය. අවසානයේදී විරෝධතාවෙහි නියැලුණු පිරිස් සාමකාමීව පා ගමනින් ගොස් බදුල්ල මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවගේ බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ පිළිබඳව ජනතාව දැනුවත් කොට සාමකාමීව විසිර ගියේ බෞද්ධයින්ගේ අවිහිංසාවාදී ප්‍රතිපත්තිය හා සිංහල බෞද්ධයාගේ ශ්‍රේෂ්ඨත්වය යළිත් වරක් ප්‍රකට කරමිනි

 බදුල්ල මුස්ලිම් ව්‍යාපාරිකයෝ බුදුන්ට නිගා දෙති
අපි හදුන්වනු ලබන්නෙ ඩීන් අයියාගෙ කඩය යනුවෙනි