“න
කහාපත වස්සේන - කිත්ති කාමේසු විජ්ජති“ යන තථාගත බුද්ධ දේශනාවේ අදහස
කහවනු වැසි වැස්සත් මිනිසා සෑහීමකට පත් නොවේ යන්නයි. “මෙලොව ඇති සම්පත්
සෑම මිනිසකූගේම අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත්. නමුත් මුළු ලෝකයම ලැබුණත්
එක් මිනිසකුගෙවත් සිත පිරෙන්නේ නෑ“ එය මහත්මාගාන්ධි තුමාගේ අදහසකි.මේ සයළු
අදහස් වලින් හැඟෙන්නේ පසිඳුරන් පිනවීමේ අරමුණින් අසීමිතව ධනය උපයා ඉන්
මෙලොව හා පරලොව දුකට පත්වීමේ පණිවිඩයයි.
ඒ
නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ධනය ඉපයීම හා පරිහරණය පිළිබදව බොහෝ ධර්ම
කරුණු දේශනා කරන් ලද්දේ. වරක් උන්වහන්සේ වදාළේ මල නොතලා රොන් ගන්නා
බඹරෙකුමෙන් අනුන්ට හානියක් නොවන සේ ධනය රැස් කර ගත යුතු බවයි. පසුගිය දවසක
පුවත් පතක පල වූ අපූරු කථාවක් මෙසේය, ඔහු ඈත ගමක සල්ලි පොලියට දෙන ගමේ
පොහොසත් අයෙකි. ගමේ මිනිසුන්ගේ ගේ දොර, ඉඩකඩම් උකසට ගත්තේය. අවුරුදු
ගණනාවකින් ගමේ බොහෝ ගෙවල් දොරවල් ඔහු සතු විය. ගමේ අයට කුමන අන්දමේ කරදරයක්
වුවත් ඔහුට අනුකම්පාවක් නැත. පුදුමය ? ඔහුගේ දරුවා අසනීප වූ විට මුදල්
නොකිරීම නිසා දරුවා අකාලයේ මිය යාමයි. (බුද්දකාලයේ අදින්නපුබ්බක කථාව
සිහියට නගාගන්න.) ගෙවල් දොරවල් මොහු සතුවීම නිසා හුඟදෙනෙතක් සියදිවි
නසාගත්හ. එහෙත් ඒ දරු පවුල් ගැනවත් කරුණාවක් ඇති වූයේ නැත.
මෙලෙස
හිතක් පපුවක් නැතුව කටයුතු කළ මෙම තැනැත්තාට අරුම පුදුම අසනීපයක් ඇති විය.
එනම් සෑම පුරපසලොස්වක් පොහොය දිනකම නින්දේදී එක්වරම කෑගසමින් පපුවට පහර
ගසාගැනිමය. විනාඩි දහයක් පමණ මරලතෝණි දෙමින් කෑ ගසන මොහු ඉතා වෙහෙස වී යහනට
වැටෙයි. එදා රෑ එළාවෙන තුරු නොනිදා බෙරිහන් දෙන්නේය. ඒ සියල්ල නිම වන්නේ
පාන්දර ඉර නැගෙන විටය. මිනිසුන් කීවේ මොහු අනුන්ට දුන් ගින්දරම තමන් දවන
බවයි. රෝහල් ගතවීමට අකමැති විය. එසේ අසනීප වන සෑම විටම පපුවට ගසා ගත්තේය.
ඇඟ පුරාම විශාල ගෙඩි මතුවිය. ඒවා තදබලලෙස කැසීම නිසා වන බවට පත්විය. ශරිරය
කෝටු ගැසිණි. අඩ සිහියෙන් කෑගසන්න විය. තමා ගෙනියන්න ඇවිත් සිටින
යකුන්ගෙන් තමා බරො ගන්නා ලෙස ඉල්ලීය. තමා පොලී දුන් මිනිසුන්ගේ නම් කියා ඒ
අය මරණයට පත්ව යකුන්ව ඉපදී වම් කියා ඒ අය මරණයට පත්ව තමා මරන්නට ගිනිහුල්
ගෙන ආ බව කියමින් නෑ ගැසීය. මොහු ළඟ ගේදොර ඉඩ කඩම් උකසට තබා බේරා ගැනීමට
නොහැකිව සිට සිය දිවිනසාගත් මිනිසුන් ගින්දර ගෙනවිත් තමන්ගේ ඇඟට දමන බව
කීවේය. මෙසේ ගිනිබෝල මැද දැවෙමින් සිටි මොහු සතියක් පමණ දුක්විද මරණයට
පත්විය. කටකථාවල හැටියට මිනිය ගෙදර තිබෙනතුරා රෑ කෑගසමින් ගේ වටා ඇවිද්දේය.
ඔහු මිය ගොස් ටික දිනකට පසුව කුමන හෝ හේතුවක් නිසා මුදලාලිගේ ගෙය
ගිනිගත්තේය. බැංකුවල නොදමා ඉතුරු කල සල්ලි ගෝනි සියල්ල දැවි ගිය බව ගම්මු
කීහ. මෙම කථා පුවත ජීවත්වන පවුකාරයන්ට මහඟු පූර්වාදර්ශයකී.
බුදු
දහම කෙනෙකුගේ ධනවත් වීම මනින්නේ ඹහුගේ සිල්වත් කම හා ධනය උපයා ගැනීමේ
සදාචාරාත්මක බව පදනම් කර ගෙනයි. ජන වහරේ එන “බල්ලන් මරා හෝ මුදල් හම්බ
කිරිම“ බුදු දහම අන්මත නොකරයි.
ධනය
ගිජුව ජීවත් වීම “ඌරු පිළිවෙතක් බවත් ධනය රැස්කරගෙන මසුරු ලෙස නොකා නොබි
සිටින්නා “මළ මිනියක්“ වැනි බවත් සිහිපත් කරන බුදුදහම අපුන්නක සිටාණන්ගේ
චරිතය ඊට කදිම උදාකරණයකි. එමෙන්ම උපයන ධනය මුළු මනින්ම භුක්ති විදිම ගස්කපා
දිවුල් කෑම මෙන් නාස්තිකාර පිළිවෙතක් බැවින් සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් ධන
පරිහරණ න්‍යාය නිවැරදි ධන පරිහරනයට කදිම ඉගැන්වීමකි.
“එකේන භෝගේ භුඤ්ජෙය්‍ය - ද්විහි කම්මන් පයෝජයේ
චතුත්ථං ච නිධා පෙය්‍ය - ආපදාසු භවිස්සති“
එක් කොටසක් පරිභෝජනයට යොදන්න. කොටස් දෙකක් ආයෝජනය කරන්න. සතරවන කොටස ආපදාවකදි ප්‍රයෝජන ගැනීම සඳහා බැංකු ගත කරන්න.
තෙරුවන් සරණයි !
මුත්තේට්ටුපොල සෝමානන්ද හිමි.
No comments:
Post a Comment