අකලට බුදු වූ සිරිවර්ධන බුදුන්…
විජය විසිනි
(2012 නොවැම්බර් 19 වැනි බ්‍රහස්පතින්දා “අද” ජාතික
පුවත්පතේ පළ වූ විශේෂාංග ලිපියකි)
අකලට පහළ වූ මෙතේ බුදුවරයෙකු නිසා ඉකුත් ජූලි 24 වැනිදා
ගාල්ල වඳුරඹ කැළැඹුණු අන්දමත්, එය පදනම් කොටගනිමින් පුළුල් කතිකාවත්
නිර්මාණය වූ අයුරුත් අපි දුටිමු. වඳුරඹ – කටඹුරාවේ කලහේ ලොකුගේ සිරිවර්ධන නමැත්තෙකු
තමන් මෛත්‍රීය බුද්ධ යැයි හඳුන්වා දෙමින් අමුතු දහමක් දෙසමින් කාලාන්තරයක් තිස්සේ
ගෙන ගිය ආගමික ජාවාරමට එරෙහිව බොදු බල සේනා මෙහෙයැවීමෙන් මේ කෝලාහලය ඇතිවිය. කෙසේ
වෙතත් එයින් මතු සිරිවර්ධනට සිදු වූයේ කුමක්දැයි කිසිවෙකුත් නොදත්හ. මේ අතරවාරයේ
ඔහු සිය ව්‍යාපාරික දායක නිවසක ඇඹනියද දරුවන්ද සමඟ සැඟවී සිටින බවට තොරතුරු සැලවිණ.
කෙසේ වෙතත් මේ අකලට පහළ වූ ඊනියා මෙතේ බුදුවරයා යළිත් සිය බුද්ධාශ්‍රමයට පැමිණ
හිතුමතයේ කටයුතු කරන්නට පටන් ගෙන තිබෙනුයේ කිසිඳු ආයාසයකින් තොරවයි. එමතුද නොව
දැන් ඔහු බුදුබණ යැයි කියා තමන්ගේ අමුතු දහම ප්‍රචාරය කරනු රිසියෙන් පොත්පත්ද මුද්‍රණය
කොට බෙදා හරිමින් සිටී. මේ අතර 2010 වසරේදී සිරිවර්ධනගේ ශ්‍රාවිකාවක වන
ආචාරිණී එච්.එම්. නන්දා කුමාරි හේරත් නැමැත්තියක විසින් “මෙතේ බුදුන්
පහළ වූ වගයි” යනුවෙන් කෘතියක් ලියා ප්‍රකාශයට පත්කොට ඇත. ඕ අම්පාර සඳමඬුල්ල මහා විද්‍යාලය, කොළඹ
රත්නාවලී බාලිකා මහා විද්‍යාලය, දැනට මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ
උපාධි ගුරුවරියක වශයෙන් තර්ක ශාස්ත්‍රය හා ජනමාධ්‍ය අධ්‍යයනය විෂය උගන්වන බව
කෘතියෙහි දක්වා තිබේ. බලධාරීන් මරනින්දේය. එහෙයින් උණු කැවුම් මෙන් විකිණෙන මෙ
කෘතිය සම්බන්ධයෙන් ගාල්ල, මැදකීඹිය, පිටිහරාව ශ්‍රී අභිනවාරාමාධිපති පූජ්‍ය කළහේ ඤාණාවාස හිමියන් විසින් කරන ලද
කරුණු දැක්වීමක් ඇසුරෙන් මේ ලිපිය දිගහරිමු.
සමස්ත ලෝකයේම අධ්‍යාත්මික පුද්ගලයෝ තිදෙනෙකි. සේක – අසේක – සම්මා සම්බුද්ධ යනු ඔවුහුය. විභජ්ජවාදය
පදනම් කරගත් බුදුදහමෙහි එන බෙදීම මෙසේයි. එයින් අසේක යනු පුහුදුන් පුද්ගලයෝය. සේක
යනු රහතන් වහන්සේලාය. මේ දෙපිරිසට අයත් වන්නෝද බොහෝය. එහෙත්, ලෝකයටම
සිටිනුයේ එකම සම්මා සම්බුදුවරයෙක් පමණි. “ඒකෝහි සම්මා
සම්බුද්ධෝ” යන ත්‍රිපිටකගත පාඨයෙනුත් ඒ වග සනාථ වේ. ඒ
එහෙව් කොට මේ බෞද්ධ රටේ ඒ උත්තරීතර අධ්‍යාත්මික පදවිය අභියෝගයකට ලක්කෙරෙමින්
ආචාරිනී එච්.එම්.නන්දා කුමාරි හේරත් නම් ලේඛිකාවක විසින් “මෙතේ බුදුන් පහළ වූ වගයි”
යනුවෙන්
පොතක් ලියා ඇත. එහි පිටු හයසිය විසි හතරෙකි(624). නියම කර ඇති මිල රු.1500/-කි. හරිහමන්ව උක්තාඛ්‍යාත යෝගයවත් යෙදී
නැති මේ කසිකබල් පොත ඉලපතින් ගෙන කුණු කූඩයට දැමිය යුතු ලියවිල්ලක් වුවද, එයට අහිමි ගෞරවයක් ලබා දෙමින් එය අවධානයට ලක්කළ යුතුව ඇත. අරාබි රටක
ඉස්ලාම් ධර්මයට හෝ, භාරතයේ හින්දු ධර්මයට හෝ, එංගලන්තයේ එංගලන්ත සභාවට පටහැනිව මෙවැනි පොතක් ලියැවිණි නම් ඒ ලේඛිකාව හෝ
ලේඛකයා ගල් ගසා මරා දමනවාට සැක නැත. එහෙත්, කරුණා
ශාසනයට – මෛත්‍රී ශාසනයට අනුගත බෞද්ධයා එතරම්
ඕලාරික නොවීම නිසා මේ ලියූ තැනැත්තිය තවමත් නිරුපද්‍රිතව සිටීම ගැන අපට සතුටුය.
එහෙත්, මිත්‍යාදෘෂ්ඨීන් පිටු දැකීම අවශ්‍යයෙන්ම
සිදුවිය යුතුය. කිසිඳු ශාස්ත්‍ර යුක්තියක නොපිහිටා, හිතලු ලෙස
ලියන ලද මේ පොත ගැන විවරණයක් කරන මේ ලේඛිකාව ධර්මය කියා
දෙයක් නැති බව සඳහන් කරමින්ම තමා ධර්මය ලියන වගක් කියයි. ධර්මය කියා දෙයක් නැති නම්
ආ-ධර්මයක්, ඉ-ධර්මයක්, ඊ-ධර්මයක්
හෝ ඌ-ධර්මයක් කොයින්ද? එසේම, බුද්ධ ව්‍යාකරණය
අනුව බුදුරජාණන් වහන්සේගේ මනරම් ධර්ම දේශනා විලාසයන් බොහෝමයක් බව කියමින් හා ඉන්
කිහිපයක් දක්වමින් ආ-ධාතුව, ඉ-ධාතුව, ඊ-ධාතුව
යනාදී වශයෙන් මොකක්දෝ අපභ්‍රංශයක් කියයි. ඊටත් වඩා ඇය කියන විදිහට ධර්මය කියා
දෙයක් කොහෙත්ම නැති තැන බුදුරජාණන් වහන්සේ මනරම් විලාසයෙන් දේශනා කළේ මොනවාද? බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනාකළ මනරම් විලාස බොහොමයක් නැත. ඇත්තේ ප්‍රශ්න
ව්‍යාකරණ සතරෙකි. ඒ 1.ඒකස්ස (ඍජුවම පිළිතුරු දීම) 2. පටිපුච්ඡා (නැවත විමසා පිළිතුරැ දීම) 3. විභජ්ජ
(බෙදා වෙන් කොට පිළිතුරැ දිම) 4.ඨපනීය (නිහඬව සිටීම) ලෙසයි. එයද ලේඛිකාව
කියන පරිදි මනරම් විලාසයකින් නොව ප්‍රශ්නයට ගැළපෙන හරි විදිහෙන්ය; ධර්මාවබෝධය පිණිසය.
ශ්වේතවස්ත්‍රධාරී දත් නැති තට්ට ගිහියෙකු හිටි අඩියේම මෛත්‍රී බුදුන් වී
ඇතැයි ඇඟැවීමට ලියන ලද මේ පොත ලේඛිකාව විසින් නම් කොට තිබෙනුයේ “මෙතේ බුදුන් පහල වූ වගයි”
යනුවෙනි.
එහෙත් ඒ ඇගේ දෙනෙතින් පහළද, නිකටෙන් පහළද, දෙතනෙන් පහළද, බුරියෙන් පහළද වශයෙන් දැයි නිශ්චය කොට
දක්වා නොතිබීම බලවත් අඩුපාඩුවකි. මන්දයත්, සම්මාසම්බුද්ධත්වය
යනු සාරාසංඛ්‍යකල්ප ලක්ෂයක්,
අටාසංඛ්‍යකල්ප
ලක්ෂයක්, සොළසාසංඛ්‍යකල්ප ලක්ෂයක් මුළුල්ලේ කරන ලද
අභ්‍යාසයන්ගෙන් හෙවත් බුද්ධාංකු ධර්මයන් පාරමී – උපපාරමී – පරමත්ථපාරමී ලෙස සමත්‍රිංසත් පාරිමිතා ධර්මයන් සම්පූර්ණ කොට ලබන්නා වූ
තුන්ලෝකාග්‍ර වූ උතුම් තරාතිරමක් වන නිසාවෙනි. එසේ නැතිව, බුද්ධත්වය යනු අඹුඩය ගලවාගෙන සිට, යළි අඹුඩය ගසා ගෙන ආ විට එසැණින් ලබාගත හැකි දෙයක් නොවේ. මීළඟට අපි කෘතියේ
සන්දර්භය වෙත යොමුවෙමු.
“පිරිපුන් මිනිසෙකු වීමම උතුම් බව” එහි සඳහන්ය. ඇත්තකි; එහෙත් ඒ අසම්පූර්ණ ඇත්තකි. ඒ හිඩැස නරයෙකු
“පිරිපුන් මිනිසෙකු වීමම උතුම් බව” කියැවිණි නම් පංකාදුය. මක්නිසාද යත්, උපන්දා සිට
සරණ ගිය තිසරණය හැරපියා රාජ්‍යය නොවන සංවිධානයන්හි බැලයෙකු වෙමින්, ජෝතිමත් දැයක් ගොඩනැංවීමට උපකාරී වූ බෞද්ධ පිළිවෙත් මාර්ගය අපහාසයට, උපහාසයට ලක්කෙරෙමින් පාරම්පරික සාරධර්මයන් උල්ලංඝනය කෙරෙමින් “අමුතු බණ” කියමින් කරන විකාරය මේ තුළින් පැහැදිලි
කෙරෙන නිසාය. එයටම යාව දක්වනු ලබන “මිනිසෙකු
වූයේ නිවන් දකින්නටම” බව නම් පිළිගත නොහැක. මන්දයත්; ඇයි? පත්තුකරන් දැක්කහම හෙණ ගහනවද? මරණය වූ කලි සත්‍යය නොවන බව සැබෑ වන්නේ කෙසේද? ඒ හැබෑවක් නොවේ නම් සම්මාසම්බුදුවරයන් වහන්සේ දුක්ඛ සත්‍යයෙහි ලා ජාතිපි දුක්ඛා
– ජරාපි දුක්ඛා – ව්‍යාධිපි දුක්ඛෝ – මරණංපි දුක්ඛං යැයි දේශනා කළේ මන්ද? මරණය වනාහී ක්ෂණික මරණ –
සම්මුති මරණ
– ස්කන්ධ මරණ ඈ විසින් තුනකි. මරණය යන
විකල්පය සත්‍යයක් නොවන්නේ නම් බුදුබවෙනුදු කිසිම පළක් නැති. ඒ දුක්ඛ සත්‍යයේම එක්
ප්‍රභේදයකි. එය සත්‍යය, කෘත්‍යය, කෘත වශයෙන්
අවබෝධ කරගත යුතු වූ ප්‍රපංචයකි. ඒ කයිවාරු ගැසීමෙන් නොව සතර උතුම් ඇත්ත අවබෝධයෙනි.
කෘතියෙහි කතුවරිය වන ආචාරිණී (ගුරෙකි) නන්දා කුමාරි හේරත්
මේ ජීවිතයේම හිඳ සුඛ පටිපදාවෙන් නිවන්
දැකිය හැකි බව කියන්නෝ එන්.ජී.ඕ. කාරයින්ගේ මුදල් නිසා සද්ධර්මයට ඉහඳ තබන්නට දත
කන්නෝ මිස සෙස්සෝ නොවෙති. අන්ත ප්‍රතික්ෂේපයෙන් මධ්‍යය දේශනය ඉදිරිපත් කරන
බුදුරජාණන් වහන්සේ කාමසුඛල්ලිකානුයෝගය හීනය; ග්‍රාම්‍යය; පුහුදුන්ය; අනාර්යය; අනර්ථය පිණිස හේතු වන්නේයැයි විශේෂයෙන්
දක්වන සේක. එසේම, තද දුක් විඳීම හෙවත් අත්තකිලමථානුයෝගයද දුක්
සහිතය; උතුම් නැත; අවැඩ පිණිසය
යැයි දේශනා කරන සේක. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය නම් එයයි. එහෙත්, මොවුහු සුඛ පටිපදාවෙන් හිඳ නිවන් දැකිය හැකි යැයි පවසන්නේ කවර යුක්තියක
පිහිටාද? කවර ධර්මයක පිහිටාද?
“මෙතේ බුදුන් පහළ වූ වගයි” නමැති ලියැවිල්ල කතුවරිය විසින් හඳුන්වා දෙනුයේ “සඳුන් පුස්තකය” වශයෙනි. ත්‍රිපිටකය යනු , “පිටු තුනක්” යැයි මේ ඊනියා බුදුන්ගේ මිහිරිතම – මිහිරි සඳහම් සඳුන් පුස්තකයෙහි ඇතුළත්ය. එයින්ම ඒ දේශකයාත් ශ්‍රාවකයාත් ශ්‍රාවිකාවත්
ත්‍රිපිටකයෙහි ඓතිහාසික සන්දර්භය නොදන්නා බව පැහැදිලිය.
පන්සාලිස් වසක් පුරාවට බුදුරජාණන් වහන්සේ
විසින් දෙසා වදාළ ධර්ම – විනය අංගීරසයන් වහන්සේගේ අනුපදිසේස
පිරිනිර්වාණයෙන් තෙමසකට පසුව පැවැති පඤ්චසතිකා ධර්මසංගීතියේදී මැනැවින් සංග්‍රහ
කෙරිණි. ධර්ම සූත්‍ර – අභිධර්ම වශයෙන් දෙයාකාරයෙන්ද, විනයද එකතුව “ත්‍රිපිටකය” වශයෙන් සංග්‍රහ
කෙරිණ. ඒ ත්‍රිපිටකය යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිටුතුනක් බව ඊනියා මෛත්‍රී
බුදුන් ගැන විවරණ දක්වන මේ පොත කියයි. එමතුද නොව, මේ පිටු
තුනක් වූ ත්‍රිපිටකය පවතිනුයේ තමන් තුළම බව වැඩිදුරටත් කියයි. එය එසේ නම් තමන් යනු
පොත් ගුලක් මිස පුද්ගලයෙක් නොවේ. මෙහිදී ඒ දේශකයාත්, ලියන්නියත්
අපේක්ෂිත ධ්වනිතාර්ථය ඉතාම ජුගුප්සාජනකය. ඔවුනගේ පරමාර්ථය වනුයේ “ඔය ත්‍රිපිටකය කියන්නේ එච්චර වටින දෙයක් නෙමෙයි. පිටු තුනක් විතරයි. ඒක
ගණන් ගන්න දෙයක් නෑ” යන්න ඒත්තු ගැන්වීමය. ඒ අදහස ගම්‍යමාන
කරන්නට බලන යටිකූට්ටු ව්‍යාපාරයේ කාරකයා කවුද?
මූලධර්මකාරයින්ගෙන්
සමන්විත අන්‍යාගමික රාජ්‍ය නොවන සංවිධානයි. එහි අනුග්‍රයෙන් විශාල නිවාස
සංකීර්ණයක් ඇත. එය “මෛත්‍රී බුද්ධාස් ප්‍රොජෙක්” යනුවෙන් නම් කොට ඇත. බණ අසන්න පැමිණෙන්නන්ට කෑම – බීම සැපැයෙයි. සිරිවර්ධන –
නන්දාකුමාරි
ජෝඩුව වනාහී බළල් අත්මය. ඇරත් අග්‍රාශ්‍රාවිකාවන් විසින් නාවනු ලබන මේ ඊනියා
බුදුන්ගේ දත් නැති ශ්‍රී මුඛයෙන් පිටවන බ්‍රහ්මස්වරයන්ගේ තරම මේ අනුවම සිතාගත
හැකිය. “සිදුහත් තවුසාණෝ තමා තුළම ඇති ත්‍රිපිඨකය
කියවා, ත්‍රිපිඨකයෙන් සපුරාම නිදහස් වූ බවත්, එය වනාහී සම්මා සම්බුද්ධත්වය” බවත්
කෘතියෙහි සඳහන්ය. අප්පට බොල! සිරිවර්ධන දන්නා සිදුහත් තවුසාණන්ට, ශරීරය තුළට කිඳවිය හැකි දෙනෙතක් තිබී ඇත. නැති නම් තමා තුළම ඇති අභිමතාර්ථය
ඉදිරිපත් කෙරෙයි. එයින් ලෝකයාට එළිදරව් කරනුයේ “සිද්ධාර්ථත්
ත්‍රිපිටකයෙන් නිදහස් වුණා. උඹලත් ඒ ටික කරහල්ලා…” යන්න නොවේද? ඒ මූලධර්මවාදී එන්.ජී.ඕ.කාරයින්ගේ අභිප්‍රාය නොවේද?
නිවන යනු බුද්ධත්වය බවත්,
බුද්ධත්වය
යනු ජාති – ජරා – ව්‍යාධි – මරණ ජය ගැනීම බවත් එක් තීරයකදී කියා; අනෙක්
තීරයෙහිදී නිවන යනු අර්හත්වය යැයිද, අර්හත්වය
යනු, ජාති – ජරා – ව්‍යාධි – මරණ ජය ගැනීම යැයිද දක්වා තිබීම අතිශයින්
පරස්පරය. කෘතියෙහි අවධානය සිරිවර්ධනගේ බුද්ධත්වය ගැන දෙසීමට වන හෙයින් මේ සඳහන
කෘතියෙහි තේමා ධාරණයටත් පටහැනිය. ඇරත්, බුද්ධත්වය
හා අර්හත්වය යන දෙවදන අතර පරිසමාප්තයෙන්ම පවතිනුයේ පර්යාය අරුතක් නොව විශාල
පරතරයෙකි. බුදුවරයෙකු පහළ වනුයේ සීලාදී ගුණධර්ම කියා දීමටම නොවේ. බුදුවරයෙකුගේ
කාර්යභාර්යය ඉන් එහා ගිය එකකි. එහෙත්, එහි ආදීනව
පැහැදිලි කිරීමේදී සීලාදී ගුණධර්ම අනිවාර්යයෙන්ම සාකච්ඡා විය
යුතුය. ඊටත් බුදු වරයෙකුගේ අනුශාසනය යනු කුමක්දැයි යන්න සංග්‍රහ කැරෙන ඕවාද ප්‍රාතිමොක්ෂයෙහි
“සබ්බ පාපස්ස අකරණං….” ගාථාවෙන් පෙනේ. සියලු පව් නොකිරීම – කුසලයෙහි
පිහිටීම – සිත දමනය කිරීම යනු එයයි. එහෙව් කොට, “බුදුවරයෙක් පහළ වනුයේ සීලාදිය කියා දීමට නොවන වග” සිරිවර්ධන උන්නැහේ කියන්නේත්, ඒ අසා සිටි
නන්දා කුමාරි හේරත් හාමිනේ එකී කුණුහරැපය උධෘත කොට දක්වන්නේත්, එන්.ජී.ඕ. මුදල් මත යැපී පාරිශුද්ධ බුද්ධ භාවිතයට ඉහඳ තැබීමට විනා අහවල්
යුක්තියකටද?
“මහා බද්ධය” යනු ඇස – කණ -නාසය – දිව – ශරීරය මනට
බද්ධ වීම බව සිරිවර්ධනයාගේ කීම මත නන්දා හේරත් ශ්‍රාවිකාව කියයි. මළබද්ධයෙන්
පෙළෙමින් මොවුහු මේවා කීවෝ –
ලීවෝ දැයි
අපි නොදනිමු. කෙසේ වෙතත් ධර්මය නම් කියනුයේ එය එසේ නොවන බවකි. මහා බද්ධය යනු
තණ්හාව සිතට බද්ධ වීමයි. ඒ බව “යෝ සහස්සං සහස්සේන” යන ධම්මපද ගාථාවෙන් පෙනේ. තවද පඤ්චේන්ද්‍රියයන්ගෙන් මිදීමම නිවන නොවේ.
මක්නිසාද යත්, අරූපාවචර බ්‍රහ්මලෝකයනුදු ඇති නිසා හා ඒවා
ලෞකික නිසාය.
නන්දා කුමාරිගේ පොතෙහි ඇති තවත් කුණුහරුපයකි; “පිරිණිවන්” යන්න. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිණිවන් නොපෑයේ යැයි එහි ලියැවී ඇත. පරි
නිබ්බාන යන පාලි උපසර්ග පදයත්,
නාමපදයත්
තත්සම වශයෙන් හෙළුවට එකතුවනුයේ “පිරිනිවන” ලෙස විනා “පිරිණිවන” ලෙස නොවේ. ඇරත් ගෞතම බුදුරජාණන් වහන්සේ
පිරිනිවන් නොපෑයේ නම් දැන් වැඩ සිටිනුයේ කොහිද? අපට දැක
ගැනීමේ දොළක් ඇතිවිණ! අප දහම් පොත්වල පැනෙන සෝපධිශේෂ පරිනිර්වාන (කෙලෙස්
පිරිනිවීම) අනුපධිශේෂ පරිනිර්වාන (කෙලෙස් හා පඤ්චස්කන්ධයාගේ පිරිනිවීම) යන වචන
හිස් වචනද? අර්ථ ශූන්‍ය වචනද?
නන්දා කුමාරි ආචාරිණිය මෙතේ බුදුන් ලෙස
දුටු “කටඹුරාවේ සිරා…”
බුද්ධත්වය අජර – අමර වූවක් බවත් එය වූ කලි නාම – රූප දෙකෙන් නිදහස් වීමක් බවත් කටඹුරාවේ සිරා දෙසයි. ගම්පොළ නන්දා කුමාරි
ලියයි. අසව්! බලව්! හඃ!හඃ!! හඃ!!! අප සනරාමර ලෝකසිවංකර තථාගතයන් වහන්සේ සම්මා
සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත්තේ පන්තිස් හැවිරිදි වියෙහිදීය. එතැන් සිට පන්සාලිස්
වසරක් බුද්ධ කෘත්‍යයයේ යෙදුණු සේක. ඒ නාම – රූප දෙකෙන්
නිදහස්වද? බෞද්ධ දර්ශනයේ පදනම පටිච්ච සමුප්පාදයයි. ඒ
පිළිවෙල අනුව “අවිජ්ජා පච්චයා සංඛාරා – සංඛාර පච්චයා විඤ්ඤාණං –
විඤ්ඤාණ
පච්චයා නාමරූපං…” යනාදී වශයෙන් යෙදෙයි.එසේ නම්, නාම – රූප දෙකෙන් නිදහස් වීමම බුද්ධත්වයක් වේද? ඇයි; ඊට පෙරාතුව දක්වා ඇති අවිජ්ජා – සංඛාර යන හේතු දෙක ගණන් ගෙන නැතිද? සතර අපාය
නම් නර – කය තුළම පිහිටි සැප පහ වූ ජාති – ජරා – ව්‍යාධි – මරණ බව මේ
කටඹුරාවේ සිරා කියයි. නරකය යන වචනය සෑදී ඇත්තේ නරක්+අය සන්ධි වීමෙන් මිස නර – කය ලෙසින් නොවන බවවත් නොදන්නා ඊනියා බුදුන් හිතළුවක් කියා අසරණ ජනතාව
රවටයි. නරකය වචනයෙහි තෙවැනි අකුර ආවෘත ”ක” මිස විවෘත “ක” නොවේ. එය එම
දේශකයාත්, ලේඛිකාවත් නොදන්නවා විය හැක. ඒ අනුව දුගති
කාම ලෝක වූ නරක – තිරිසන් – ප්‍රේත – අසුර යනු වෙනම අපා සතරක් මිස නර – කය නොවේ. මව
මැරීම – පියා මැරීම – රහතුන් මැරීම – බුද්ධ ශරීරයෙහි ලේ සෙලැවීම – සංඝ භේදය යනු පංචානන්තරීය පාපකර්මයෝය. නිවන් දැකීමට නම් මේ පහම කළ යුතු බව
සිරිවර්ධනයා කියයි. මෙයින්ම මොහුගේ අමුතු දහමෙහි තරම වටහා ගත හැකිය.
මෙසේ නොයෙක් ආකාර ප්‍රලාපයන්ගෙන් සැදී ගත් මේ පොත පිළිබඳව අපි අවධානය යොමු
කරනුයේ එයින් නිර්මල බුදුසමයට සිදුවන බලවත් හානිය නිසාමය. එසේ හැර කිසිවෙකු කෙරෙහි
තරහවකින්, වෛරයකින් නොවේ. සිරිවර්ධන හා බොදු බල සේනා
ගැටුමත් සමඟින් බෞද්ධ ප්‍රකාශන නියාමන පනතක් සම්බන්ධයෙන් බලධාරීහු උදම් ඇනුවෝය.
දැන් මේ පනත කෝ…? පාදිලි එනවිට නැඟිට අසුන් පනවා බුද්ධ
චීවරය හෑල්ලුවකට ලක්කරන සර්වාගමික උමතුවෙන් පෙලෙන ජනාධිපති උපදේශකවරු මේවා ඉදිරියේ
දෙකොන පූට්ටු නොවී සිටියහොත් ඒ අරුමයක්මැයි….!
“අන්‍යාගමිකයන් නගර ආක‍්‍රමණය කරනවා, සිංහල බෞද්ධයන්ට කැලෑ වදින්න වෙලා…” අස්ගිරි මහනාහිමියෝ කියති…
“අන්‍යාගමිකයන් නගර ආක‍්‍රමණය කරනවා, සිංහල බෞද්ධයන්ට කැලෑ වදින්න වෙලා…” අස්ගිරි මහනාහිමියෝ කියති…
ඇතැම් දේශපාලනඥයන් මුදල්වලට ගිජුවී හොර රහසේ අන්‍ය ආගමිකයන්ට රටේ ඉඩම්
විකුණන බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත
නාහිමියෝ පවසති. රට පාලනය කරන හැමදෙනාටම මේ ගැන කිව්වට ඵලක් වුණේ නැතැයිද
උන්වහන්සේ සංවේගය පළකරති.
සිංහල බෞද්ධ රට බේරාගත යුතුයි. සිංහල බෞද්ධ දරුවන්ට ජීවත් වෙන්න රටක් උදාක
ර දිය
යුතුයි. රටේ නගර අන්‍ය ආගමිකයන් ක්‍රමයෙන් ආක්‍රමණය කරනවා. මෙහෙම ගියොත් සිංහල
බෞද්ධාමිකයන්ට මහ පාරේ මැරී යෑමට සිදුවේවි යැයි මහ නාහිමියෝ පවසති.මහනාහිමියන් එසේ
පැවැසුවේ මාතලේ, නාලන්ද, හෝමාපොළ ශ්‍රී
සුමනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාරාමය විවෘත කිරීමෙන් අනතුරුව
පැවැති උත්සවයේදීය.
මහනාහිමියෝ මෙසේද පැවැසූහ.
“සිංහල බෞද්ධයන්ට ජීවත් වෙන්න ශ්‍රී ලංකාව
හැර වෙනත් රටක් නැහැ. අන්‍ය ආගමිකයන් රටේ නගර ආක්‍රමණය කිරීම නිසා සිංහල බෞද්ධයන්ට
ක්‍රමයෙන් කැලෑවැදීමට සිදුවෙනවා. මෙහෙම ගියොත් සිංහල බෞද්ධයන්ට මහ පාරේ මැරී යෑමට
සිදුවේවි. මුස්ලිම් අන්තවාදීන් විසින් බංග්ලාදේශයේ බෞද්ධ සිද්ධස්ථාන කඩා විනාශ කර
දමනවා. එදා ඉන්දුනීසියාව, මැලේසියාව වැනි බෞද්ධ රටවල බෞද්ධයන් පලවා
හැර අන්‍ය ආගමිකයන් ඒවා ආක්‍රමණය කරගෙන. එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ උදාකරන්න ඉඩ
දෙන්න එපා.
පක්‍ෂ දේශපාලනය නිසා අපේ සිංහල බෞද්ධ රට දවසින් දවස පිරිහී යනවා. බෞද්ධ
ජනතාවට මේ ගැන කියන්නේ රට පාලනය කරන දේශපානඥයන්ට මෙතෙක් මේ බව කියලා වැඩක් නැති
වුණ නිසයි.
රටට වින කරන ක්‍රියා බොහොමයක් අපේ දේශපාලනඥයන්ගෙන් සිදු වෙනවා. අද අප රටේ
සාර ගුණධර්ම පිරිහී ගොස් තිබෙනවා. භික්‍ෂුන් වහන්සේ විනයගරුකව හා බෞද්ධාගමේ ගෞරවය
ආරක්‍ෂා කරමින් ආගමික හා සාමාජික මෙහෙවර ඉටුකළ යුතුයි. භික්‍ෂුන් වහන්සේ විනය ගැන
විශේෂයෙන් කල්පනා කළ යුතුයි.
භික්‍ෂුන් වහන්සේ වෙනම පිරිසක් නොවේ. රටේ සිංහල බෞද්ධ ජනතාවගේම දරුවෝ. භික්‍ෂුන්
වහන්සේට සිවුපසින් උපස්ථාන කොට භික්‍ෂුන් වහන්සේ ජීවත් කිරීම බෞද්ධ දායකයන්ගේ
යුතුකමයි. ඒ වගේම රට හා ජනතාව රැක ගැනීම බෞද්ධ භික්‍ෂුන් වහන්සේගේ පරම යුතුකමක්’’
No comments:
Post a Comment