බදුල්ල මුස්ලිම් ව්‍යාපාරිකයෝ බුදුන්ට අපහාස කරනවාට බදුල්ල තරුණ බොදු බලකායෙන් විරෝධතා…
බදුල්ල මුස්ලිම් වෙළඳ ව්‍යාපාරිකයෙක් බුදුන්ට අපහාස වන අන්දමින් ඇඳුම් ආයිත්තම් විකුණනු ලබන බවට ලැබුණු තොරතුරක් මත බොදු බල සේනා බදුල්ල බොදු බලකාය විසින් කරනු ලැබූ විශේෂ මෙහෙයුමකදී එක්තරා වෙළඳසැලකින් බුදුරුව යෙදූ අත්පළඳනා මේස් යුවළක් සොයා ගැනීමට හැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත මෙසේය.
———————————————————————————————————————————————————————-
“බදුල්ල මුස්ලිම් වෙළඳසැලකින් බුදුරුව යෙදූ මේස් යුවළක්…
(අපි හදුන්වනු ලබන්නෙ ඩීන් අයියාගෙ කඩය යනුවෙනි)
අදාළ මුස්ලිම් ව්‍යාපාරිකයා හා බුදුරුව යෙදූ මේස් කුට්ටම
බුදුරජාණන් වහන්සේට අපහාස වන අන්දමින් බුදුරුව යෙදූ ඇඳුම් ආයිත්තම් අලෙවි කරන මුස්ලිම් වෙළඳසැලක් සම්බන්ධයෙන් බොදු බල සේනා විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද විශේෂ වැටලීමකදී බුදුරුව සහිත මේස් කුට්ටමක් සොයා ගැනීමට හැකි වී තිබේ. අංක 41, තැපැල් කාර්යාල පාර, බදුල්ල දරන ස්ථානයෙහි පිහිටි “ඩීන් ෆැන්සි පොයින්ට්” නම් මුස්ලිම් ව්‍යාපාරික ආයතනයක් මෙසේ බොදු බල සේනා සෝදිසි මෙහෙයුමට ලක්ව තිබේ. අදාළ මෙහෙයුමේදී වරදකරුවන් ලෙස පිළිගැණුනු ව්‍යාපාරික ප්‍රධානියා හා ඔහුගේ සේවකයන් දෙදෙනෙකු අත්තඩංගුවට ගැනීමට කටයුතු කොට තිබේ. මේ වෙනුවෙන් දායක වූ ප්‍රදේශවාසී මහසඟරුවනටත්, බදුල්ල බොදු බල තරුණ බලකායටත්, බදුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන් ඇතුළු සියලුම නිලධාරීන්ටත් බොදු බල සේනා ජාලයේ හදපිරි ප්‍රණාමය, ශුභාශිංෂණ හා පුණ්‍යානුමෝදනාව පුදකර සිටිමු.
2012 නොවැම්බර් 22 දින දී ය.”
———————————————————————————————————————————————————————
මෙම සිද්ධිය හා සම්බන්ධ විශේෂ නඩු විභාගය 2012 නොවැම්බර් 23 වැනි දින බදුල්ල මහාධිකරණයේදී විභාගයට ගැනිණ. එහිදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් නීතීඥයෙන් හය දෙනෙක් උසාවියේ පෙනී සිටි අතර නඩු විභාගය අවසානයේදී අදාළ විත්තිකරුවන් ඇප පිට නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙකී බෞද්ධ විරෝධී ක්‍රියාවට එරෙහිව දැඩි ලෙස විරෝධය පළ කරමින් බදුල්ල තරුණ බොදු බල සාමාජිකයන් පිරිසක් උදෑසන සිට බදුල්ල අධිකරණයට යාබදව පිහිටි ප්‍රධාන වටරවුම අසලදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබිණි. ප්‍රදේශවාසී මහසඟරුවන සහ බදුල්ල තරුණ ප්‍රජාව මෙහි මූලිකත්වය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බදුල්ල තරුණ බොදු බල මෙහෙයුම් සංවිධානයේ සම්බන්ධීකාරක නිමල් දයාසිරි මහතා:
“නීතියෙන් ලබා දිය හැකි විනිශ්චය ලබා දුන්නා. ඒත්, මෙවැනි ක්‍රියාදාමයන් වළක්වන්න මීටත් වඩා බලවත් නීති අවශ්‍යය කරනවා. කොහොම වුණත් බදුල්ල බොදු බලකායේ තරුණ ප්‍රජාවගේ අවධානය නිරන්තරයෙන් බුදුදහමට එරෙහි බලවේග වෙත යොමු වෙන නිසා මෙවැනි ක්‍රියාදාමයන් මුලිනුපුටා දමන්න පුළුවන්… අපිට අන්‍යාගමිකයන් සමග තරහක් නෑ… අපි කියන්නේ අවිහිංසාවාදී බෞද්ධයන්ගේ අවිහිංසාවට ගරු කරලා ඔවුන්ගේ අයිතීන් උරුමයන් සුරක්ෂිත කරලා දෙන්න කියන එකයි. අපේ රටට – ජාතියට – ආගමට අපහාසයක්, අගෞරවයක් සිද්ධවන තැනදී අපි නියම ජාතිවාදියෝ තමයි. ජාතිවාදය සිංහල බෞද්ධ අපිට ආඩම්බරයක්… මේවා තවදුරටත් සිද්ධ නොවන්න බලධාරීන් බලාගන්න ඕනෑ… මෙවැනි ක්‍රියා සිද්ධවනවාට බලධාරීන් සම්පූර්ණයෙන්ම වගකීම බාරගන්න ඕනෑ… වගකියන්න ඕනෑ… බලධාරීන්ට මේවායෙහි වගකීම බාර ගෙන ඒවා වළක්වන්න කටයුතු කරන්න බැරි නම් ඉන් එහාට මේවාට එරෙහිව කටයුතු කරන්න ජාතිමාමක බලවේග සූදානම්… අපිට නීතිය අතට ගන්න අවශ්‍යය නෑ… ඒත් මේ රටේ නීති හැදුවේ අපි. ඒක අපේ පරමාධිපත්‍යය. අපේ පරමාධිපත්‍යය අපේ අනන්‍යතාවට අනුකූලව ක්‍රියාත්මක වෙන්න ඕනෑ.. අපේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්න අපි හැමෝම පොලිස්කාරයෝ තමයි…!!! මින් ඉදිරියට බදුල්ලේ සිංහලයාට බෞද්ධයාට එරෙහි බලවේගයන් මර්දනය කරන බදුල්ල නිල නොවන පොලීසිය අපි” යනුවෙන් සඳහන් කළේය. අවසානයේදී විරෝධතාවෙහි නියැලුණු පිරිස් සාමකාමීව පා ගමනින් ගොස් බදුල්ල මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවගේ බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ පිළිබඳව ජනතාව දැනුවත් කොට සාමකාමීව විසිර ගියේ බෞද්ධයින්ගේ අවිහිංසාවාදී ප්‍රතිපත්තිය හා සිංහල බෞද්ධයාගේ ශ්‍රේෂ්ඨත්වය යළිත් වරක් ප්‍රකට කරමිනි
…


No comments:
Post a Comment